ගොයම් කවි

Sri Lankan traditional folk songs with traditional style, deep voices, Hindustan

May 10th, 2024suno

Lyrics

සරණයි සරණයි බුද්ධං සරණයි සරණයි සරණයි ධම්මං සරණයි සරණයි සරණයි සංඝං සරණයි සරණයි සරණයි මේ තුන් සරණයි ඇසී නාද හඞ බඹරුගෙ ලීලා පැසී ගොයම් පත් කිරට නැමීලා ගැසී සුළං වාතෙට ඉති නැමීලා පැසී ගොයම් කෙත සුරපුර ලීලා අලංකාර කෙත සැදුවේ රජවර සයංජාත රත් ඇල් ගෙන ගොඩ කර සුදං විජය පුරයක් වැනි සැම වර ගොයම් සැදුන සැටි අසනුය විස්තර නැගුණේ කොළ පෙත්තයි දියමතු පිට යෙදුණේ නිල් පාටින් එක තරමට වරුණේ බැරි නිම කරන්ට ඈතට බෙදුණේ කොළ ඉති දෙක තුන් දවසට කුඹුරු පුබුදු මල් සුවඳයි හැම විට බඹරු ඇවිත් රොන් ගෙනයති උදයට මදුරු කිඳුරු නද හැඩවෙති වාතෙට නැඹුරු වෙලා ඉති ගෝමර තරමට දෙයියන් අණ සැම තැන පවතින්නේ කොයියන් අයගෙත් දියුණ සදන්නේ මයියන් දැන කවි පද පවසන්නේ දෙයියන් වැඳ අවසර අර ගන්නේ වරම් වරම් මට මහ බඹු අතින් වරම් වරම් වරම් ඉසිවර දෙවි අතින් වරම් වරම් වරම් සක්දෙව් රජ අතින් වරම් වරම් වරම් ගොවිකම් පද කරන වරම් උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ කරා බිමින් සිටින මිහිකත් දෙවි කළස දරා වටින් සිටින සැම දෙවියෝ අරක් කරා ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා පේරු ඇතුව වී පැළකර ගන්නේ සීරු ඇතුව මුත්තෙට්ටු උයන්නේ පෝරු ගගා වල ගොඩැලි මකන්නේ ගෝරු කළල් මඩ ගොඩට ඉසින්නේ කරට බඳින රන් මිණි මුතු මාලා කණට ඔබින රන් තෝඩු දමාලා අතට ගිගිරි රන් වළලු දමාලා ඇඟට ඔසරි සුදු සේල දමාලා වරම් ගතිමි ඉර සඳ දෙවි අතින් වරම් වරම් ගතිමි මිහිකත දෙවි අතින් වරම් වරම් ගතිමි සක්වළ දෙවි අතින් වරම් වරම් ගොයම් කැපුමට දෙවිඳුන්ගෙ වරම් යකඩෙන් වානෙන් සිරි බරදීලා සොඳට සැදෙව් මගේ දෑකැත්තේ ඇත්දත් වලිනුත් මිට ලියවාලා රිදියෙන් කරවපු වැඩක් වෙතේ රන්වන් දෑකැති සුරතට අරගෙන රන්වන් ගොයමට ළඟා වෙතේ අඩියෙන් අඩියට පේලි සැදීලා ගොයම් කපමු අපි දෑකැත්තේ අගට රිදී සුරයෙන් වැඩ කරලා මුලට යකඩ සුරයෙන් වැඩ කරලා මැදට ගැබේ හැර ගිගිරි දමාලා මේ ලෙස දෑකැති වැඩ නිම කරලා අඟුරු කොටාලා කම්මලකට එති ඉඳගෙන පිට පිට ගිනි මොලවා දෙති තලවති නළවති පණ පිහිටා දෙති ඉදෙ මෙන්න ගෙයි තිබුණා දෑකැති එදා ගණන් ගෙයි තිබුණා දෑකැති බෙදා රැගෙන නුඹෙ නෑයෝ ගෙන දෙති තලවති නළවති පණ පිහිටා දෙති ඉඳා මෙන්න ගෙයි තිබුණා දෑකැති උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ කරා බිමින් සිටින මිහිකත් දෙවි කළස දරා වටින් සිටින සැම දෙවියෝ අරක් කරා ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා පේරු ඇතුව වී පැළකර ගන්නේ සීරු ඇතුව මුත්තෙට්ටු උයන්නේ පෝරු ගගා වල ගොඩැලි මකන්නේ ගෝරු කළල් මඩ ගොඩට ඉසින්නේ කරට බඳින රන් මිණි මුතු මාලා කණට ඔබින රන් තෝඩු දමාලා අතට ගිගිරි රන් වළලු දමාලා ඇඟට ඔසරි සුදු සේල දමාලා උදේ පාන්දරින් නැගිට සිටිල්ලා ගොයම් කපන්නට නෑනේ වරෙල්ලා රන් දෑකැති ගෙන පෙළට සිටිල්ලා රන් මන්දෑලේ කෙතට බසිල්ලා අව්ව බොහොම සැරත් වගෙයි අපට ඇඹුල ගෙනත් වගෙයි බඩගිනි දැන් වැඩිත් වගෙයි ගොඩට යන්න හොඳත් වගෙයි ගොයම් කපා ඉවර වුණා ඉර දෙයියෝ පියිට වුණා ගොවි රාළට සෙතක් වුණා අපේ සිතත් සතුටු වුණා

Recommended

epico
epico

smooth, female singer, slow, dark, japanese, dreamy, guitar, sad, female voice

Electric Dreams
Electric Dreams

japanese synth 80s citypop

Gemeinsam Weiter
Gemeinsam Weiter

female vocalist,schlager,european music,melodic,dance-pop

This Is a Holiday
This Is a Holiday

electric raw emo rock

Let's go to the beach
Let's go to the beach

Metalcore, electronic rock, post-hardcore, electronicore, rapcore

Dja
Dja

electronic, synth, dance

Endless Papers
Endless Papers

aggressive raw rock

Soothing Rails
Soothing Rails

male vocalist,jazz,classical,alternative rock,rhythmic,orchestra,playful,psychedelic,pop,contemporary folk,noisy,double bass,trumpet,piano,classical crossover

El Spectre
El Spectre

flamenco, andalusian, bolero

Canto de la Tierra
Canto de la Tierra

Reggaeton, afro-bit, parade of drummers, orchestral, emotional, cinematic, atmospheric, Dakar Drumstep, epic, latin top

位置
位置

70s chill, emotional, soulful, adult contemporary, vaporwave, synth breakdown, sophisticated, sharp, crisp

Psaumes 19
Psaumes 19

épic music air entraînant

創青文創之歌
創青文創之歌

inspiring pop

Медуза
Медуза

поп ритмичный танцевальный

What is love
What is love

dance, hip hop, pop, EDM

My Dog Bo
My Dog Bo

Bubblegum dance, electronic, pop, upbeat

Notorious
Notorious

Hard Rock