ක්ලබ් වින්සන්ට් ඝාතනය ඒ රාත්‍රියේ උදාවී තිබුණේ සමාජශාලා දාමයක අයිති කරුවෙකු වූ ව

edm

July 10th, 2024suno

Lyrics

ක්ලබ් වින්සන්ට් ඝාතනය ඒ රාත්‍රියේ උදාවී තිබුණේ සමාජශාලා දාමයක අයිති කරුවෙකු වූ වින්සන්ට් නම් ව්‍යාපාරිකයාගේ අවසන් මොහොත බැව් කිසිවෙකු නොසිතන්නට ඇත. කාණු දෙකක තුවක්කුවකින් ක්ෂණයෙන් නිකුත් වූ වෙඩි වරුසාව ඔහුට මෙන්ම එතැන සිටි කිහිප දෙනෙක්ටම දිවි අහිමි කිරීමට සමත් වීම පුදුමයට කරුණක් නොවේ. අපරාධයේ ස්ථානීය පරීක්ෂණය භාරව තිබුණේ ස්කොට්ලන්‍ඩ්යාඩ් පොලීසියට වූ අතර හෝම්ස් හා මම ද එහි ගොස් සිටියේ ඔවුනට උදව් කිරීමේ අටියෙනි. "මහත්මයා.. ඔබ දන්නවාද මම සොයා ගත් දේ" ලෙස්ට්‍රේඩ් කෑගැසුවේ වෙඩිල්ල නැවතුණු පසුපස දොරටුව අසළ සිටය. "මොකක්ද ?" හෝම්ස් ඇසුවේය. "මම මේක හොඳටම දැනගෙන හිටියා.. වින්සන්ට්මයි මෙතන ඝාතනයක් කිරීමට සැලසුම් කලේ.. ඔහු මේක වෙන විදියකට සැලසුම් කළත් අන්තිමට එය වැරදිලා ගිහින් ඔහුටම වන්දි ගෙවන්න වුණා.." ලෙස්ට්‍රේඩ් කියාගෙන ගියේ ය. "හෝව් හෝව්.. ඔබ කොහොමද ඒක කියන්නෙ හරියටම" මා ඇසීය. "පේනවද දොස්තර මහත්මයා මේ වෙඩි උණ්ඩයේ තද කළු කට්ටා පහරකින් සලකුණු කර තිබෙන ඉංග්‍රීසි අක්ෂරය.. මේ තියෙන්නේ W. ඒකියන්නේ වින්සන්ට්.. මේ තුවක්කු සහ උණ්ඩ ඔහුගේම ඒවා.." ලෙස්ට්‍රේඩ් පැහැදිලි කළේය. හෝම්ස් උණ්ඩය ගෙන ඉහළට ඔසවා පරික්ෂා කර බලා ලෙස්ට්‍රේඩ් දෙස බලා, "විශිෂ්ටයි ලෙස්ට්‍රේඩ්.. ඔබේ සොයාගැනීම.. ඔබ නම් සැබෑම දක්ෂයෙක්.." හෝම්ස් කීවේය. "මා නිවැරැදි නේද මහත්මයා.." ලෙස්ට්‍රේඩ් උජාරුවෙන් කීය. "ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි ලෙස්ට්‍රේඩ්.. මේ තියෙන්නේ W නෙවෙයි.. M අක්ෂරය යි.." හෝම්ස් කීවේය. ලෙස්ට්‍රේඩ්ගේ මුව ගොළුව ගොස් වත මිලින විය. "ඒ වගේම ලෙස්ට්‍රේඩ් ඒ M අක්ෂරයෙන් කියැවෙන කාරණාවත් මා වටහා ගත්තා.." හෝම්ස් තවදුරටත් කීය. "ඒ මොනවද?" මා ඇසීය. "මොරියාටි වොට්සන් මොරියාටි.. වින්සන්ට්ගේ ඝාතකයා ඔහුයි.." හෝම්ස් කෑ ගැසුවේ ලෙස්ට්‍රේඩ්ගේ මුකුළුත මුහුණ භීතියකට පරිවර්තනය කරමිනි. Sherlock Holmes Sri Lanka

Recommended

Below I serve
Below I serve

Death Metal

回声与尘埃AAA
回声与尘埃AAA

Electronica Dance Music, EDM, Synthesizer, drum machine, electric guitar, electric bass.

Supreme Master Ching Hai
Supreme Master Ching Hai

pop, beat, rock, bass, drum, smooth, guitar, soul, house, r&b, house

susuru
susuru

like Utada Hikaru

Tonight
Tonight

Sexy vibe, rap, rock,bass,drums,kpop,korean girl voice,smooth,dreamy voice,

warrior
warrior

epic electro rock, Warrior vibe, end loop

Candy Carousel
Candy Carousel

animated film score whimsical lively

เด็กชายยุทธนา
เด็กชายยุทธนา

อะคูสติค เงียบสงบ ป๊อป

Face The Fear
Face The Fear

arabic traditional, oud, gambus, percussion, fast tempo, religious melodic

Summer Vibe
Summer Vibe

a feel good song of the summer, Electro-Pop, Tropical House, Chillwave, Downtempo, Dream Pop, French Touch

Setelah Badai Hilang
Setelah Badai Hilang

gospel soulful melodic

Karel Needs a Nudge
Karel Needs a Nudge

piano and saxophone upbeat jazz playful

twin flames
twin flames

calming, tranquility with serene vocal, female

Alone in the Starlight
Alone in the Starlight

j-pop, speck fast, hyperspeed, studio-quality, female voice, bpm 160, intro-instrumental